Latest News

TikTok තරුවක් ඝාතනයට ලක්වෙයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

TikTok සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ පාකිස්ථානයේ සානා යූසුෆ් ඝාතනය කර තිබෙනවා.

17 හැවිරිදි ඇය මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇගේ නිවසේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඇය හමුවීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දරා ඇති අතර එය අසාර්ථක වූ තැන මෙම ඝාතනය සිදු කර ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

පසුව ඇගේ නිවසට කඩා වැදී ඇති සානා යූසුෆ්ට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇයගේ ඝාතනය මේ වන විට පකිස්ථානයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් බවට පත්ව ඇති අතර පරීක්ෂණ කඩිනම් කරන ලෙසටයි පොලීසියට බලපෑම් එල්ල වෙමින් ඇත්තේ.

TikTok සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ පාකිස්ථානයේ සානා යූසුෆ්ගේ Insatagram ගිණුමෙහි පමණක් ලක්ෂ පහක පරිශීලකයින් පිරිසක් සිටින අතර TikTok ගිණුමෙහි සිටින පරිශීලකයින් සංඛ්‍යාව මිලියනයකට අධිකයි.

සානා යූසුෆ්ගේ අවසන් වීඩියෝව වූයේ ඇය උපන්දිනය සමරන වීඩියෝවයි.

World News

Send your contact Details Today