Latest News

ගාසා තීරයේ වැසියන් කබලෙන්, ලිපට වැටෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගතවූ පැය 24 ක කාලයේ ගාසා තීරය පුරා ඊශ්‍රායල හමුදාව සිදු කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 95 දෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ අමෙරිකානු සහාය ඇතිව ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථාන වසා දැමීමට පියවර ගෙන තිබෙන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

එම ආහාර මධ්‍යස්ථාන කරා ප්‍රවේශ වීම තහනම් කිරීමට ඊශ්‍රායල හමුදාව පියවර ගෙන ඇති අතර, ආහාර මධ්‍යස්ථාන කරා යෑමෙන් වළකින ලෙස පලස්තීනුවන්ට අනතුරු අඟවා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවේචනයට ලක්වී ඇති ඊශ්‍රායල ආහාර බෙදාහැරීමේ ක්‍රමවේදය යාවත්කාලීන කිරීමේ අරමුණින් එම ආහාර මධ්‍යස්ථාන වසා දැමූ බවට ඊශ්‍රායලය නිවේදනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර ගාසා තීරයට අඛණ්ඩව සහනාධාර බෙදාහැරීමට අවස්ථාව සැලසීම සහ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම අරමුණු කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඡන්ද විමසීමක් සිදු කිරීමට නියමිතව ඇති අතර, අමෙරිකාව සිය නිෂේධ බලය භාවිත කරමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් මතුවී තිබෙන බව ද අල් ජසීරා පුවත් සේවය සඳහන් කළා.

ඊයේ වනවිට ගාසා තීරයේ ගර්භිණී මවුවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ කාන්තාවන් පනස්දහසක් පමණ දැඩි ආහාර හිඟයකට මුහුණ පා සිටින බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන බවත් සඳහන්.

World News

Send your contact Details Today