නයිජීරියාවේ බෝර්නෝ ප්‍රාන්තයේ මයාරාරි බස් නැවතුම්පොළේ බොහෝ පිරිසක් බස් රථයක් එන තුරු රැඳී සිටින අතරතුර බස් රථයේ අටවා තිබූ බෝම්බයක් දරුණු ශබ්දයක් සමඟ පුපුරා ගොස් තිබෙනවා.
ඒ බස් රථය පැමිණි විට මගීන් එයට ගොඩවීමට උත්සාහ කළ අවස්ථාවේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම පිපිරීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර, බරපතළ තුවාල ලැබූ මගීන් බේරාගෙන රෝහල්වල දැඩි ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන්.
බටහිර අප්‍රිකාවේ නයිජීරියාවේ බෝර්නෝ ප්‍රාන්තයේ IS ත්‍රස්ත සංවිධානයට අනුබද්ධ බොකෝ හරාම් ඇතුළු ත්‍රස්ත කල්ලි ක්‍රියාත්මක වන අතර, මෙම කණ්ඩායම් සිවිල් වැසියන්ට සහ හමුදා කඳවුරුවලට නිරන්තරව ප්‍රහාර එල්ල කරනවා.
පසුගිය වසර 15කට වැඩි කාලයක් තිස්සේ මෙම ත්‍රස්ත සංවිධාන බෝර්නෝ ප්‍රාන්තයේ විනාශකාරී ක්‍රියාවන්හි නිරතව සිටින අතර, බොහෝ දෙනෙකු ඝාතනය කර, දහස් ගණනකට ඔවුන්ගේ නිවාසවලින් පලවා හරිනු ලැබ තිබෙනවා.
මෙම ත්‍රස්ත ක්‍රියා රජයට බරපතළ තර්ජනයක් එල්ල කරන අතර, එය පාලනය කිරීමට හමුදාව විවිධ පියවර ගත්තද, ප්‍රහාර අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා.