Latest News

SriLankan Airlines අලුත්ම හැඩකාරයා ශ්‍රී ලංකාවට (VIDEO)

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Airbus A330-200 පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය අද (04) SriLankan Airlines සමඟ එක්වුණා.

එම ගුවන් යානය පැරිස් නුවර සිට ශ්‍රී ලංකාවට පැමි⁣ණි අතර ශ්‍රී ලංකා ගුවන් යානා නිරීක්ෂකයින්ට විශේෂ අවස්ථාවක් ලබාදෙමින්, කොළඹ සහ මොරටුව අහසේ අඩු උසකින් (1500 ft) පියාසර කළා.

ඒ අනුව අද උදෑසන 8:00 සිට 9:00 දක්වා, මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයේහි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කළා.

ඉන්පසු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) වෙත පැමිණ ගොඩබස්සවනු ලැබුවා.

World News