නයිජීරියාවේ පාලමකින් බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් ක්‍රීඩකයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ක්‍රීඩකයින් 30කට වැඩි පිරිසක් රැගත් බස් රථය කනෝ-සාරියා අධිවේගී මාර්ගයේ චිරෝමාවා පාලමෙන් ඉවතට පෙරළී ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළා.
අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තෙහෙට්ටුව සහ අධික වේගය හේතුවෙන් සිදු වන්නට ඇති බවයි සැක පළ කරන්නේ.