අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් දැනට පවතින ක්‍රිකට් තරග නීති කිහිපයක් වෙනස් කිරීමට සූදානම් වන බව Crictracker වෙබ් අඩවිය විසින් හෙළිදරව් කරනවා.
සියලු ක්‍රිකට් තරග රටාවන්ට අදාළ ව එවැනි නීති වෙනස් කිරීම් සිදුවීමට නියමිත අතර, එහි දී එක්දින තරගයක අන්ත දෙකක් සඳහා පන්දු දෙකක් භාවිත කිරීම, විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ හැකියාව (DRS) මෙන්ම ක්‍රීඩක ආදේශනය පිළිබඳ නීති ද වෙනස් කම් වලට භාජනය වනු ඇති.
මෙම නීති වෙනස් කිරීම් පිළිබඳ නිල වශයෙන් යාවත්කාලීන කිරීම නුදුරේ දීම සිදු කිරීමට නියමිත අතර, එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා වන නීති එළඹෙන ජුලි මාසයේ සිට ද, ටෙස්ට් තරග සඳහා වන නීති 2025-27 ටෙස්ට් ලෝක ශූරතාවලියේ සිට ද වලංගු වනු ඇති.
මෙසේ වෙනස් වීමට භාජනය වන නීති අතරින් ඉහළ අවධානයක් හිමි වී ඇත්තේ එක්දින තරගයක පන්දු දෙකක් භාවිත කිරීමේ නීතියටයි.
2011 වසරේ සිට එක්දින තරගයක පන්දු යවන අන්ත දෙක සඳහා පන්දු දෙකක් භාවිත කිරීම ආරම්භ කළ නමුත්, මෙමගින් පන්දුව Reverse Swing කිරීම මෙන්ම, දඟ කැවීමට ද යම් යම් බාධා පැමිණුණා.