යේමනයේ වයස අවුරුදු 8 ක දැරියක වැඩිහිටි පුරුෂයෙකු සමග විවාහ වී පසුදා මියෙගාස් තිබෙනවා.
ශරීරයේ අභ්‍යන්තර තුවාල හේතුවෙන් ඇය මියෙගාස් ඇති බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.
විවාහ දිනයේදී පුරුෂයා විසින් ඇයට පහරදී ඇති බව ද හෙළිව තිබෙනවා.
යෙමනයේ දරුවන්ට විවාහ වීමට වයසක් නීතිමය වශයෙන් සකස් වී නොමැති බැවින් මෙවැනි සිද්ධීන් බොහෝවිට වාර්තා වනවා.
White Ribbon Alliance ආයතනය සඳහන් කරන්නේ යෙමනයේ කාන්තාවන් 9 දෙනෙකුගෙන් එක් අයෙකු දරු ප්‍රසූතියේදී මියයන බවයි.
දරු විවාහය, නිසි සෞඛ්‍ය පහසුකම් නොතිබීම සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ අවධානය යොමු නොවීම මීට ප්‍රධාන හේතු බවයි White Ribbon Alliance ආයතනය පෙන්වා දෙන්නේ.