නයිජීරියානු අධිකරණයක් විසින් ආසියානුවන් 15 දෙනෙකු සිරගත කර තිබෙනවා.
ඒ සයිබර් ත්රස්තවාදය සහ අන්තර්ජාල වංචාව සම්බන්ධයෙන් වන නඩුවකට අදාළවයි.
සිරගත කළ පිරිස අතරින්, පිලිපීන ජාතිකයින් එකොළොස් දෙනෙකු, චීන ජාතිකයින් දෙදෙනෙකු, මැලේසියානු ජාතිකයෙකු සහ ඉන්දුනීසියානු ජාතිකයෙකු වරද පිළිගෙන ඇති අතර, ඉන්පසු ඔවුන්ට වසරක සිර දඬුවමක් සහ අමරිකානු ඩොලර් 630 ක පමණ දඩයක් නියම කෙරුණා.