Latest News

චීනය, තායිවානයට සැබැවින්ම තර්ජනයක් එල්ල කරන බව අමරිකාව කියයි

Published 16 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනය, තායිවානයට සැබැවින්ම තර්ජනයක් එල්ල කරන බව අමෙරිකා ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.

සිංගප්පුරුවේ දී වාර්ෂිකව පැවැත්වෙන ඉහළ පෙලේ ආරක්ෂක සමුළුවක් වන ෂැංග්‍රිලා සංවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

චීනය හිමිකම් කියන ස්වයං පාලන දූපතක් වන තායිවානය ආක්‍රමණය කළහොත් ආසියාවේ බොහෝ රටවල් අස්ථාවර විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

හෙග්සෙත් සිදුකළ මෙම ප්‍රකාශයට චීනය තවමත් ප්‍රතිචාර දක්වා නැහැ.

එම දේශනයේ දී එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ චීනය ආසියාව තුළ ප්‍රමාණයට වඩා ආධිපත්‍ය දැරීමට සහ පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

දකුණු චීන මුහුදේ තරගකාරී භෞමික හිමිකම් සම්බන්ධයෙන් චීනය අසල්වැසි රටවල් කිහිපයක් සමගම ගැටුම් ඇතිකර ගෙන තිබෙනවා.

චීනය, තායිවානය යටත්කර ගැනීමට ගන්නා උත්සාහයන් හේතුවෙන් ඉන්දු, පැසිෆික් කලාපයට හා ලෝකයට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරනු ඇති බවයි පීට් හෙග්සෙත් තවදුරටත් කියා සිටියේ.

World News