Latest News

රුසියා – යුක්‍රේන සහ ඊශ්‍රායල – ගාසා යුද ගැටුම් ගැන සම්බන්ධයෙන් ප්‍රංශ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියා – යුක්‍රේන සහ ඊශ්‍රායල – ගාසා යුද ගැටුම් සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති ඒමානුවෙල් මැක්‍රෝන් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ අනුව රුසියා – යුක්‍රේන මෙන්ම ඊශ්‍රායල – ගාසා යුද ගැටුම් නිමා කිරිම හෝ සටන් විරාමයකට එළඹිම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපීය රටවල් එක්ව කුමන ක්‍රියාමර්ග අනුගමනය කළ ද මේ වන තුරුත් එය සාර්ථක වී නැති බව ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලු මතුකර ඇති බවයි ඒ මහතා තවදුරටත් පෙන්වා දෙන්නේ.

සිංගප්පුරුවේ පැවති වාර්ෂික ඉහළ මට්ටමේ ආසියානු ආරක්ෂණ සමුළුව වන ෂැංග්‍රිලා සංවාදයේ දී ප්‍රංශ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

ඇමෙරිකාව හා චීනය අතර බල අරගලය පැවතිය ද ආසියාව හා යුරෝපය නව සන්ධානයක් ගොඩ නගා ගැනිමේ වැදගත්කම ප්‍රංශ ජනාධිපතිවරයා මෙම සමුළුවේ දී අවධාරණය කළා.

World News

Send your contact Details Today