Latest News

ගුවන් මගීන්ට අලුත් දඩයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගුවන් යානයක් ගොඩබෑමෙන් පසු ආසන පටි පුවරුව විසන්දි වීමට පෙර ආසනයෙන් නැගී සිටින පුද්ගලයින්ට දඩ මුදලක් ගෙවීමට සිදුවන බව තුර්කි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

මගීන්ගෙන් ලැබුණු පැමිණිලිවලින් පසුව මෙම නීතිය පැනවූ බව ඔවුන් ප්‍රකාශකර සිටියා.

තුර්කි මාධ්‍ය පවසන්නේ මෙම නීතිය උල්ලංඝනය කරන අයට ඇමරිකානු ඩොලර් 70කට ආසන්න දඩයක් ගෙවීමට සිදුවන බවයි.

සියලු වාණිජ ගුවන් සමාගම් ගුවන් ගමන් මේ පිලිබඳව මගීන් දැනුවත් කර නිල ප්‍රකාශනයක් සිදු කළ යුතු අතර, නීතිවලට අනුගත නොවන මගීන්ද වාර්තා කළ යුතු වනවා.

නීතියට අවනත නොවන මගීන් Disruptive Passenger Report මඟින් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයට වෙත යොමු කරන අතර ඉහිදී දඩ නියමකරනු ලබන බවයි වාර්තා වන්නේ..

World News

Send your contact Details Today