Latest News

කමල් හසන් රඟපෑ චිත්‍රපට ප්‍රදර්ශනයට තහනමක්?

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු ඉන්දීය ජනප්‍රිය නළුවෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන කමල් හසන් රඟපෑ චිත්‍රපට කර්ණාටක ප්‍රාන්තය තුළ ප්‍රදර්ශනය තහනම් කිරීමට එහි රජයට මේ වනවිට බලපෑම් එල්ලවී තිබෙනවා.

ඒ මෑතකදී ඔහු සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන්.

“දෙමළ නිසා කණ්නඩ බිහිවුණා” යනුවෙන් කමල් හසන් පසුගියදා ප්‍රකාශයක් සිදුකර තිබුණා.

ඔහු රංගනයෙන් දායකවන මෙන්ම ඔහු නිෂ්පාදනය කරනු ලැබූ නවතම චිත්‍රපය වන ‘Thug Life’ සිනමා පටය වෙනුවෙන් ඉකුත් මැයි 24වනදා චෙන්නායිහි පැවති ප්‍රචාරක වැඩසටහනකදී ඔහු මෙම මතභේදාත්මක ප්‍රකාශය සිදුකර තිබෙනවා.

මෙම ප්‍රකාශයට ප්‍රකෝප වූ කණ්නඩ හිතවාදී සංවිධාන කිහිපයක් බැංගලෝර්, බෙලගාවි, හුබ්බාලි සහ මයිසූර් වැනි නගරවල වීථිබැස කමල් හසන්ට සමාව ඉල්ලන ලෙස ඉල්ලා සිටියා.

කමල් හසන් එම ප්‍රකාශයට සමාව නොගන්නේ නම්, ඔහුගේ චිත්‍රපට කර්ණාටකයේ තහනම් කරන්න යැයි එහි ප්‍රාන්ත අමාත්‍යවරයෙකු වන ශිවරාජ් තංගඩගි ද කණ්නඩ චිත්‍රපට ආයතනයට දැනුම්දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව කර්ණාටක චිත්‍රපට වාණිජ මණ්ඩලය විසින් කමල් හසන්ට ඔහුගේ චිත්‍රපටය වන ‘Thug Life’ ප්‍රාන්තයේ ප්‍රචාරණ කටයුතු ආරම්භකිරීමට පෙර කණ්නඩ භාෂාව පිළිබඳ ඔහුගේ අදහස් හා සමාව ගැනීමට දින දෙකක කාලයක් ලබා දී තිබෙනවා.

ඉන් දිනක්ද මේ වනවිට ගතවී තිබෙන අතර මෙම නවතම චිත්‍රපටය එළැඹෙන ජුනි 5වනදා සිට ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේ නමුත් කමල් හසන් තවමත් ඔහු කළ ප්‍රකාශය නිවැරදි යැයි මතයේ සිටින බවත්, ඔහු සමාව නොගන්නා බව ප්‍රකාශකර ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසනවා.

World News

Send your contact Details Today