Latest News

අමරිකාවේ යෝජනාව හමාස් සංවිධානයෙන් ප්‍රතික්ෂේප කරයි

Published 18 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ යෝජිත සටන් විරාම ගිවිසුම ප්‍රතික්ෂේප කරන බව හමාස් සංවිධානය නිවේදනය කරනවා.

ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව නව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

ඊට ඊශ්‍රායලයේ පූර්ණ සහාය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

එම සටන් විරාම හා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ යෝජනාවලිය තමන් ප්‍රතික්ෂේප කරන බව හමාස් සංවිධානය නිවේදනය කරනවා.

ධවල මන්දිරය මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ සඳහන් කළේ ඉදිරි පියවර ගැනීම සඳහා හමාස් සංවිධානයේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

දින 60ක සටන් විරාමයක් පසුගිය කාලයේ දී දෙපාර්ශවය අතර ක්‍රියාත්මක කෙරුණා.

එම කාලය තුළ දී ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු ලබාදීමටයි හමාස් සංවිධානය කටයුතු කළේ.

World News