ගාසා තීරයේ හමාස් නායක මොහොමඩ් සින්වාර් ඝාතනය කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
මේ මස මුලදී මොහොමඩ් සින්වාර් ඉලක්ක කර දකුණු ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කළ බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.
ඉන් අනතුරුව පසුගිය 21 වැනිදා ඔහු මියගොස් ඇතැයි අග්‍රාමාත්‍යවරයා තහවුරු කළා.
හමාස් සංවිධානයේ නායක, මොහොමඩ් සින්වාර්, 2023 ඔක්තෝබර් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේ මහ මොළකරු වන යාහියා සින්වාර්ගේ බාල සහෝදරයායි.
කෙසේ වෙතත් හමාස් සංවිධානය තවමත් ඔහුගේ මරණය තහවුරු කර නැහැ.
2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,200 ක් පමණ ඝාතනය කළ අතර 250 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා.
ඉන් අනතුරුව ගාසා තීරයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර වලින් මියගොස් ඇති සංඛ්‍යාව 53,000 කට අධිකයි.