Latest News

වේගයෙන් පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය හමුවේ ඉන්දියාවෙන් මරණ 07ක් වාර්තා වෙයි

Published 18 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාව තුළ ගෙවුණු සතිය තුළ කොවිඩ් 19 වෛරසය වැළඳුණු රෝගීන් 257 වාර්තා වී ඇති බවත්, සිදු වූ මරණ 07ක් ද වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට ඉන්දියාව තුළ කොවිඩ් වැළඳුණු රෝගීන් 1009 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි The Hindu වෙබ් අඩවිය වාර්තා කළේ.

සමස්තයක් වශයෙන්, පසුගිය සතිය තුළ රට තුළ රෝගීන් 752 ක වැඩිවීමක් දක්නට ලැබෙන බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

කෙසේවෙතත් කොවිඩ් වැළඳුණු රෝගීන් 305 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවයි The Hindu වෙබ් අඩවිය සඳහන් කළේ.

මැයි මස 26 වැනි දින වනවිට කේරළය, තමිල්නාඩුව සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවලින් රෝගීන් වැඩිවීමක් වාර්තා වී තිබෙන බව ද සඳහන්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ COVID ප්‍රභේදවලට අනුව, NB.1.8.1 සහ LF.7 මෑතකදී ඉන්දියාවෙන් සොයා ගත්තා.

චීනයේ සහ ආසියාවේ අනෙකුත් ප්‍රදේශවල COVID-19 රෝගීන් වැඩිවීමට මෙම ප්‍රභේද හේතු වී ඇති බව ද වාර්තා වනවා.

එමෙන්ම නැවතත් කොවිඩ්-19 රැල්ලක් අග්නිදිග ආසියාව පුරා පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

චීනය සහ සිංගප්පූරුව ඇතුළු රටවල මේ වන විට දහස් සංඛ්‍යාත කොවිඩ්-19 රෝගීන් වාර්තා වී ඇති අතර, තායිලන්තයේ පමණක් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් ඇති බවත් සඳහන්.

නව කොවිඩ් රැල්ලක් අග්නිදිග අසියාව පුරා ව්‍යාප්ත වීමත් සමඟ ජනවාරි මස සිට මැයි මස දක්වා තායිලන්තයේ COVID-19 රෝගීන් 187,031 ක් සහ COVID මරණ 46 ක් වාර්තා වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හොංකොං, සිංගප්පූරුව, චීනය සහ තායිලන්තය යන රටවල ජනාකීර්ණ ප්‍රදේශවල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

World News