Latest News

ට්‍රම්ප්, කැනඩාවට ගෙන ආ අලුත්ම යෝජනාව

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකාවේ 51 වැනි ප්‍රාන්තය ලෙස එක්වන්නේ නම්, කැනඩාවට ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය සමඟ නොමිලේ සම්බන්ධ විය හැකි බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

අමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, කැනඩාව එලෙස එක් නොවුනහොත් මිසයිල ආරක්ෂණ පද්ධතිය සමඟ එක්වීමට කැනඩාවට ඩොලර් බිලියන 61 ක් වැය වනු ඇති බවයි.

පුළුල් පරාසයක සතුරු අවි වලින් ආරක්ෂා වීම සදහා අමරිකානු ජනාධිපතිවරයා ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය, පසුගිය සතියේ හදුන්වා දුන්නා.

කැනඩාව ප්‍රකාශ කළේ, එම මිසයිල පද්ධතිය සමඟ එක්වීමට කැමති බවයි.

කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි මේ මාසය මුලදී ධවල මන්දිරයේදී අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවුණා.

එම අවස්ථාවේදී ට්‍රම්ප් කැනඩා අග්‍රාමාත්‍යවරයාට ඇරයුම් කළේ, කැනඩාව, අමරිකාවේ කොටසක් බවට පත්කරන ලෙසයි.

නමුත් එම අවස්ථාවේ කැනඩා අග්‍රාමාත්‍යවරයා ඉතාමත් ආචාරශීලිව සහ ස්ථිරව එම ඇරයුම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, තම රට කිසි විටෙකත් විකුණා නොදමන බවයි.

ඒ අනුව මිසයිල ආරක්ෂණ පද්ධතිය ගෙනහැර දක්වමින් අමරිකානු ජනාධිපතිවරයා යළිත් කැනඩාව, අමරිකාව දෙසට නම්මවා ගැනීමට උත්සහ කරන බව දේශපාලන විශ්ලේෂකයින් පවසනවා.

World News