Latest News

නවතම Harry Potter කතා මාලාවේ ප්‍රධාන චරිත කිරීමට පොඩ්ඩන් 32,000 අතුරින් තුන් දෙනෙක් තෝරා ගනියි

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොවපුරා ළමා වඩිහිටි අතර එකසේ ජනප්‍රිය Harry Potter පොත් මාලාව ඔස්සේ නිශ්පාදනය වන Harry Potter රූපවාහිනි කතාමාලාව සඳහා එහි ප්‍රධාන චරිත ත්‍රිත්වය වන හැරී පෝටර්, හර්මියොන් ග්‍රේන්ජර් සහ රොන් වීස්ලි යන චරිත සඳහා ළමා නලුවන් තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව හැරී පෝටර් ලෙස Dominic McLaughlin , හර්මියෝන් ග්‍රේන්ජර් ලෙස Arabella Stanton සහ රොන් වීස්ලි ලෙස Alastair Stout යන අය රංගනයෙන් දායක වනු ඇති.

මෙම ප්‍රධාන චරිත ත්‍රිත්වය සඳහා ළමා නලු නිලියන් 32,000 පමණ අධික ප්‍රමාණයක් තිර පරීක්ෂණවලට සහභාගී වීමෙන් තෝරාගෙන තිබීම විශේෂත්වයක්.

තවද අල්බස් ඩම්බල්ඩෝර් ලෙස John Lithgow, මිනර්වා මැක්ගොනගල් ලෙස Janet McTeer ද, සෙවරුස් ස්නේප් ලෙස Paapa Essiedu ද, රුබියස් හැග්රිඩ් Nick Frost ද මෙම කතාමාලාවට රංගනයෙන් දායකවීමට නියමිත අතර වොල්ඩර්මෝට් චරිතය සඳහා තවම නළුවෙකු තෝරාගෙන නැහැ.

J.K. රොව්ලින්ග් විසින් රචිත මෙම පොත්මාලාවේ මුල් පොත් 7ට අනුකූලව, එක් පොතකට එක් කතාසමය බැගින් ලෙස, වසර 10ක් පුරා දිවයන ලෙස සැලසුම් කර තිබෙනවා.

මෙම කතාමාලාවේ අධ්‍යක්ෂකවරයා Mark Mylod වන අතර Waer Bros. Studios විසින් පෙර චිත්‍රපට මෙන්ම මෙයද නිශ්පාදනය කරනු ලබනවා.

World News