අමරිකා ජනපති ට්‍රම්ප් දෙවන වරටත් පුටින් ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කර තිබෙනවා.
ඒ රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ‘ගින්දර සමඟ සෙල්ලම් කරන’ බව පවසමින්.
රුසියා හමුදා, යුක්‍රේනයේ ඊසාන දිග ප්‍රදේශවල යුද ජයග්‍රහණ ලබා ගන්නා විට සටන් විරාම සාකච්ඡාවලට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ව්ලැඩිමීර් පුටින් “ගින්දර සමඟ සෙල්ලම් කරන” බව ලෙසයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
වසර තුනක් පැරණි යුද්ධය අවසන් කිරීම සඳහා සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට රුසියාව මන්දගාමී ප්‍රතිචාර දැක්වීමත් සමග ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.
මිට පෙරද ට්‍රම්ප් ප්‍රකාශ කළේ පුටින් ජනාධිපතිවරයා උන්මත්තකයෙකු බවයි.
මාරාන්තික ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් ජන ජිවිත වලට හානි කිරීමට රුසියාව කටයුතු කරමින් සිටින බවටයි චෝදනා එල්ල වන්නේ.