Latest News

එවරස්ට් තරණයේ ලෝක වාර්තාව අලුත් වෙයි

Published 22 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එවරස්ට් තරණයේ ලෝක වාර්තාව අලුත් කිරීමට නේපාල ජාතිකයෙකු සමත් වී තිබෙනවා.

ඒ අනුව නේපාල ජාතික කඳු නැඟීමේ මඟ පෙන්වන්නකු වන ශර්පා කමි රිටා වැඩිම වාර ගණනක් එවර්ස්ට් කන්ද තරණය කිරීමේ වාර්තාවට හිමිකම් කියනවා.

ඔහුගේම ලෝක වාර්තාව අලුත් කිරීමට ශර්පා සමත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය යුද හමුදා නිලධාරීන් කණ්ඩායමකට මඟ පෙන්වමින් කඳු මුදුනට ගිය 55 හැවිරිදි ශර්පා මීටර් 8,894ක් උසැති එවරස්ට් කන්ද මෙවර තරණය කරනු ලැබුවේ 31 වැනි වතාවටයි.

ඔහු 1994 දී සිය ජීවන වෘත්තිය ලෙස සංචාරකයන්ට මඟ පෙන්වන්නකු වශයෙන් පළමුවරට එවරස්ට් කන්ද තරණය කළා.

ඇතැම් වසරවල දෙවතාව බැගින් ඔහු එවරස්ට් තරණය කර තිබෙනවා.

නේපාල ජාතිකයකු වන ශර්පා පසාං අවස්ථා 29කදී එවර්ස්ට් තරණය කර ඇති අතර ශර්පා කමි රිටාගේ ආසන්නතම ප්‍රතිවාදියා ඔහුයි.

World News