Latest News

යුද්ධයෙන් පීඩාවට පත් සුඩානයේ භයානක රෝගයක පැතිරීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුද්ධයෙන් පීඩාවට පත් සුඩානයේ පසුගිය සතිය තුළ කොලරා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ආසාදිතයින් 2,700 ක් සහ මරණ 172 ක් වාර්තා වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා සදහන් කළේ.

පසුගිය සති තුන තුළ වාර්තා වූ රෝගීන් 2,300 කට වැඩි සංඛ්‍යාවකින් 51 දෙනෙකු කොලරාවෙන් මිය ගොස් ඇති බවත්, ඉන් සියයට 90 ක් කාර්ටූම් ප්‍රාන්තයෙන් වාර්තා වූ රෝගීන් බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

කොලරාව සුඩානයට ආවේණික රෝගයක් වන නමුත් යුද්ධය ආරම්භ වූ දා සිට පැතිරීම් වර්ධනය වී තිබෙනවා.

නිසි පරිදි ජලය නොලැබීම , සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය යටිතල පහසුකම් නොමැති වීම මෙම රෝගය ව්‍යාප්තවීමට හේතුවි ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

World News

Send your contact Details Today