Latest News

වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් පළමු මාස හතරේ ශ්‍රී ලංකාවට වැඩිම අදායම ලැබුණු රට මෙන්න

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 වසරේ පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාව වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වැඩිම අදායමක් උපයා ඇත්තේ ඇමෙරිකාවෙන් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

ඒ අනුව වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඇමෙරිකාවට පළමු මාස හතර තුළ මෙරටට ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 965.97 ක්.

එය පසුගිය වසරේ පළමු මාස හතරට සාපේක්ෂව සියයට 7.94 ක ඉහළ යාමක් බවයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ.

පසුගිය වසරේ එම කාලය තුළ ඩොලර් මිලියන 894.94 ආදායමක් උපයා තිබුණා.

එසේම මෙම වසරේ පළමු මාස හතර තුළදී ශ්‍රී ලංකාව දෙවනුවට වැඩිම වෙළෙඳ භාණ්ඩ අපනයන අදායමක් උපයා ඇත්තේ ඉන්දියාවෙන්.

එය ඩොලර් මිලියන 334.40 ක්.

World News

Send your contact Details Today