චීනය, ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට ලෙස, ජනගහනය පාලනය කිරීම සඳහා දැඩි නීති හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, යුවළකට එක් දරුවෙකු පමණක් ලැබිය යුතු බවට නීතියක් පැවති අතර, මෙය පසුව ඉවත් කළද, එහි බලපෑම තවමත් පවතිනවා.
මෙම නීතිය හේතුවෙන් බොහෝ චීන ජෝඩු පිරිමි ළමුන්ට වැඩි කැමැත්තක් දැක්වූ අතර, මෙය කාන්තා උපත් අනුපාතය පහත වැටීමට හේතුවුණා.
මේ හේතුවෙන් චීන පිරිමින් මිලියන 30කට අධික පිරිසකට විවාහ වීමට සුදුසු කාන්තාවන් සොයා ගැනීම අපහසු වී තිබෙනවා.
මෙම පිරිමින් දැන් “ඉතිරි මිනිසුන්” ලෙස හැඳින්වෙන අතර, ඔවුන් විදේශීය භාර්යාවන් සොයා යාමට පෙළඹී ඇතිබෙනවා.
කෙසේ වෙතත්, මෙම තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නා වංචාකරුවන්, විදේශීය කාන්තාවන් සමඟ විවාහ යෝජනා ලබා දෙන බව පවසමින්, බොහෝ දෙනාව රවටා තිබෙන බවයි වාර්තා වන්නේ.
දේශසීමා හරහා විවාහ ඒජන්සි, සමාජ මාධ්‍ය හරහා ආලය වීඩියෝ බෙදාහැරීම් ආදිය මෙවැනි වංචාවලට යොදා ගන්නවා.
බංග්ලාදේශයේ චීන තානාපති කාර්යාලය මෙම වංචාවන් පිළිබඳ අනතුරු ඇඟවූ අතර, මෙවැනි වංචාවලට හසුවීමෙන් මුදල් හා ජීවිත අහිමි විය හැකි බව අවධාරණය කරනවා.