Latest News

ඛේදවාචකයකින් අවසන් වූ ලිවර්පූල්හි පාපන්දු ජයග්‍රහණ සැමරුම

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්තයේ ලිවර්පූල්හි පාපන්දු ජයග්‍රහණයක් සමරමින් සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන් ඊයේ (26) අනතුරක් සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ලිවර්පූල් පාපන්දු කණ්ඩායම ලැබූ ප්‍රිමියර් ලීග් ශූරතාවලියේ ජයග්‍රහණය සමරමින් සිටි ක්‍රීඩාලෝලීන් පිරිසක් වෙත මෙම මෝටර් රථය කඩා වැදී ඇති බවයි.

මෙම අනතුරින් පුද්ගලයින් විසිහත් දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, තුවාලකරුවන් අතර සිටින දරුවෙකු ඇතුළු දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

මර්සිසයිඩ් පොලිසිය පැවසුවේ මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට 53 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අත්අඩංගුවට ගත බවයි.

ඔහු වාහනයේ රියදුරු යැයි විශ්වාස කරන බව මර්සිසයිඩ් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

World News

Send your contact Details Today