Latest News

“පුටින්ට පිස්සු” – ට්‍රම්ප්ගෙන් දොස්

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියා ජනපතිට දොස් පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාව ඊයේ (25) රාත්‍රියේ යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර 367 ක් එල්ල කර තිබෙනවා.

ඉන් අවම වශයෙන් 12 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

2022 රුසියා යුක්රේන ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා එක් රාත්‍රියක් තුළ රුසියාව යුක්රේනයට එල්ල කළ විශාලතම ප්‍රහාරය මෙයයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් බොහෝ කලක සිට රුසියා ජනාධිපතිවරයා හඳුනන බවත් ඔහු සමග සෑම විටම සුහදව කටයුතු කළ බවයි.

ඔහු නගරවලට රොකට් යවමින් මිනිසුන් ඝාතනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.

World News