යුරෝපා සංගමය සමග තීරුබදු පිළිබඳ සාකච්ඡා සඳහා වූ අවසන් දිනය ජූලි 09 දක්වා දීර්ඝ කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟවී තිබෙනවා.
යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩ ලේන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඊයේ (25) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ට්‍රම්ප් මෙම එකඟතාව පළකර තිබෙන්නේ.
ඇමෙරිකා ජනාධිපතිවරයා පසුගිය මාසයේදී යුරෝපා කොමිසමේ භාණ්ඩ රැසකට සියයට විස්සක තීරුබද්දක් ප්‍රකාශයට පත් කළා.
එහෙත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජූලි අටවනදා දක්වා සියයට 10 දක්වා අඩු කිරීමටයි කටයුතු කළේ.
මෙම සාකච්ඡාවට පෙර සිකුරාදා දහවල් ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට යවන සියලුම භාණ්ඩ සඳහා ජුනි පළමුවනදා සිට සියයට 50 දක්වා තීරු බදු ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවයි.