Latest News

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් සිව්දින නිල සංචාරයක් සදහා ඊයේ (24) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියා.

ඔහු සමඟ දූත පිරිස ලෙස තවත් සිව්දෙනෙකු ද දිවයිනට පැමිණි බවයි WESL News ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිරිස ඊයේ (24) රාත්‍රී 11.00ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරය නිමකරමින් ලබන 28 වනදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

World News

Send your contact Details Today