අමරිකාව සමග වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට තමන් කැපවී සිටින බව යුරෝපා සංගමය පවසනවා.
අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයෙන්, අමරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බද්දක් නිර්දේශ කරන බවට ප්‍රකාශ කළ පසුබිමකයි ඔවුන් මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ.
අමරිකානු ජනාධිපතිවරයා විසින් නිර්දේශ කළ මෙම නව තීරුබදු ජුනි 1 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
එසේම, එහිදී යුරෝප සංගමය ප්‍රකාශ කර ඇත්තේ, වෙළඳම එකිනෙක වෙනස් වුවත් අන්‍යෝන්‍ය ගෞරවයෙන් ඔවුනොවුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සූදානම් බවයි.