Latest News

මැතිව් ෆෝඩ්, ඩිවිලියර්ස් ව සම කරයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වේගත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කරන්නට කොදෙව් ක්‍රීඩක මැතිව් ෆෝඩ්ට ඊයේ (23) හැකියාව ලැබුණා.

ඒ, අයර්ලනතය සමඟ ජොහැන්නස්බර්ග් හිදී පැවති දෙවන එක්දින තරගයේ දී පන්දු 16ක් තුළ අර්ධ ශතකය රැස් කරමින්.

මීට පෙර එම වාර්තාව 2015 වසරේ දී දකුණු අප්‍රිකානු හිටපු ප්‍රහාරාත්මක පිතිකරු ඒ.බී. ඩිවිලියර්ස් විසින් පිහිටුවා තිබුණා.

ඩිවිලියර්ස්, කොදෙව්වන් සමඟ පැවති එක්දින තරගයක දී පන්දු 16 කට මුහුණ දී අර්ධ ශතකයක් රැස්කර ගනිමින් වේගත්ම එක්දින අර්ධ ශතකය රැස් කළ පිතිකරුවා බවට පත්ව සිටියා.

ඩිවිලියර්ස් පිහිටුවා තිබූ එම වාර්තාව වසර 10කට පසු මැතිව් ෆෝඩ් ඊයේ මෙලෙස බිඳ දැමූ අතර මෙම තරගයේ දී මැතිව් 19 කින් ලකුණු 58ක් රැස්කළා.

World News

Send your contact Details Today