අභාවප්‍රාප්ත නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ උදවියට දකුණු ඉන්දීය සිනමා සංගමය සිය ශෝකය පල කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ඉන්දීය සිනමාව පෝෂණය කිරීමට මලානි ෆොන්සේකා මහත්මිය සිය දායකත්වය ලබාදී තිබීම දකුණු ඉන්දීය සිනමා සංගමය ප්‍රසංශා කර ඇති අතර ශ්‍රී ලංකාවෙන් දකුණු ඉන්දීය සිනමාවට දායකත්වය මුලින් ලබාදුන්නේ ද මාලනී ෆොන්සේකා බව ඔවුන් පෙන්වා දෙනවා.
1980 දශකයේ තිරගත වූ ෆෛලට් ප්‍රේමනාත් දෙමළ චිත්‍රපටය තුලින් මාලනී ෆොන්සේකා මහත්මිය දමිල සිනමාවට එක්වන්නේ සිනමා දැවැන්තයෙකු වූ සිවාජි ගනේෂන් සමගයි.
එම චිත්‍රපටයේ නැසීගිය නිළි ශ්‍රී දේවිගේ මවගේ චරිතය නිරුපණය කළේ මාලනී ෆොන්සේකා විසින්.
හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 78 වන වියේ පසුවුණා.