Latest News

ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයටත් තීරු බද්දක්

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා එළැඹෙන මස සිට සියයට 50ක තීරු බදු පැනවීමට තමන් නිර්දේශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එළැඹෙන 01 වැනිදා සිට සුඛෝපභෝගී භාණ්ඩ, ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ සඳහා දැඩි බදු පැනවෙනු ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇති බවයි සඳහන් වන්නේ.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ යුරෝපා සංගමය පිහිටුවා ඇත්තේ වෙළෙඳාම සම්බන්ධයෙන් එක්සත් ජනපදයෙන් වාසි ලබා ගැනීස සඳහා වන බවයි.

එමෙන්ම අමෙරිකාවේ නිෂ්පාදනය නොකරන අයිෆෝන් සඳහා 25%ක ආනයන බද්දක් පැනවීමටද අමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන බව සඳහන් වනවා.

එමඟින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ විකුණනු ලබන අයිෆෝන් ඉන්දියාවේ හෝ වෙනත් ඕනෑම තැනක නිෂ්පාදනය කිරීම නොව එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

World News