Latest News

අමරිකාවෙන් තවත් රටකට නව සම්බාධක පනවයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුඩානයට නව සම්බාදක පැනවීමට අමෙරිකාව පියවර ගෙන තිබෙනවා.

සුඩානය රජයේ හමුදා සිවිල් යුද්ධයේ දී ආර් එස් එෆ් කැරළිකරුවන්ට එරෙහිව රසායනික අවි භාවිත කර ඇති බවට අනාවරණය වී ඇති බවයි අමෙරිකාව පවසන්නේ.

ඒ හේතුවෙන් නව සම්බාධක පනවන බවයි අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

නව සම්බාදක යටතේ අමෙරිකාවෙන්, සුඩානයට අපනයනය කෙරෙන භාණ්ඩ හා මූල්‍ය කටයුතු සීමා කෙරෙනු ඇති.

ලබන මස 6 වන දින සිට එය ක්‍රියාත්මක බවයි රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

සුඩාන රජය හා කැරළිකරුවන් අතර පවතින ගැටුම් අතරතුර දී සාමාන්‍ය වැසියන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

World News

Send your contact Details Today