ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ ක්‍රීඩා දිවියේ දීර්ඝතම ආකෘතියේ වසර 17ක කැපී පෙනෙන වෘත්තීය ජීවිතය ඒ හරහා අවසන් කරනු ඇති.
“කෘතඥපූර්වක හදවතකින් සහ අමතක නොවන මතකයන් සමඟින්, ක්‍රීඩාවේ වඩාත්ම ආදරණීය ආකෘතිය වන ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට මට කාලයයි,” ලෙසයි මැතිව්ස් සඳහන් කර ඇත්තේ.
එමෙන්ම “ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ පසුගිය වසර 17 මගේ ඉහළම ගෞරවය සහ ආඩම්බරයයි.” ලෙසද ඔහු සටහන් කර තිබෙනවා.
මැතිව්ස්, ශ්‍රී ලංකාවේ පිතිකරණ පෙළගැස්මේ මුල් ගලක් වන අතර පිටියේදී සහ ඉන් පිටතදී ගෞරවනීය නායකයෙක් ලෙස කටයුතු කළා.
ටෙස්ට් වයිට් කණ්ඩායමක ඔහුගේ අවසන් තරගය ජුනි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී සිදුවනු ඇති.
මේ අතර ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාවට නොසැලෙන සහයෝගයක් දැක්වූ ඔහුගේ පවුලේ අයට, පුහුණුකරුවන්ට, සගයන්ට සහ රසිකයින්ට ස්තූති කිරීමටද ඔහු කටයුතු කර තිබෙනවා.
වත්මන් ටෙස්ට් සංචිතය කෙරෙහි විශ්වාසය පළ කළ මැතිව්ස්, එය “අනාගත සහ වර්තමාන ශ්‍රේෂ්ඨයන් රැසක් සිටින දක්ෂ කණ්ඩායමක්” ලෙස හැඳින්වූ අතර, තරුණ ක්‍රීඩකයෙකුට නායකත්වය ඉදිරියට ගෙන යාමට දැන් සුදුසු කාලය බව තමා විශ්වාස කරන බවයි පැවසුවේ.