Latest News

ඩෙන්මාර්කය තුළ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවේ වෙනසක්

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩෙන්මාර්ක් රජය පුද්ගලයින් විශ්‍රාම ගැන්වීමේ වයස 2040 වසර වන විට 70 දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒ සමඟම යුරෝපයේ පුද්ගලයින් විශ්‍රාම ගැන්වීමේ වයස වැඩිම රට බවට ඩෙන්මාර්කය පත්වනවා.

එරට පාර්ලිමේන්තුවේ සම්මත කළ නව පනතක් ඔස්සේ විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ දැමූ අතර 2040 වසරේ දී එම වයස අවුරුදු 70ක් බවට පත්වනවා.

2006 වසරේ සිට ඩෙන්මාර්කය පුද්ගලයින් විශ්‍රාම ගැන්වීමේ වයස සෑම වසර පහකටම වරක් වෙනස් කිරීමට කටයුතු කරනවා.

වර්තමානයේ විශ්‍රාම ගැන්වීමේ වයස 67ක් වන අතර 2030 වසර වන විට 68 දක්වාත් 2035 වසර වන විට වයස අවුරුදු 69 දක්වාත් ඉහළ දැමීමටයි ඒ අනුව පියවර ගෙන ඇත්තේ.

1970 වසරේ දෙසැම්බර් 31 වන දිනෙන් පසුව උපත ලැබූ පුද්ගලයින්ට පමණක් විශ්‍රාම ගැන්වීමේ වයස 70 වලංගු වන බවයි ඩෙන්මාර්ක් රජය නිවේදනය කරන්නේ.

World News