Latest News

ඉතාලියේ Messina නගරයේ හදසි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක් ජීවිතක්ෂයට

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ Messina නගරයේ හදසි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ආනතුර සිදුව ඇත්තේ Palermo සිට Messina දෙසට, මෙසිනා රින්ග් පාරේ බැග්ලියෝ 1 උමඟ තුළයි.

රිය අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා ශ්‍රී ලංකාවේ, වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ ඉගෙනුම ලැබූ 39 හැවිරිදි  දෙදරු පියෙක් වූ ප්‍රියාල් තමෙල් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියාල් තමෙල් නම් ද්වි රෝද (යතුරුපැදි ) වාහනයක රියදුරු ලෙස කටයුතු කර තිබුණා.

මෙම අනතුරට තවත් මෝටර් රථ තුනක් ද සම්බන්ධ වී තිබුණත්,ඔහු ධාවනයේදී වැටීමෙන් පසු ඒවා ඔහුගේ ගැටෙන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.

කෙසේවෙතත් තවමත් මෙය තවමත් තවුරු වී නැහැ

අදාළ සියලුම වාහන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය පරීක්ෂණවලට භාජනය කර තිබෙනවා.

World News

Send your contact Details Today