Latest News

Doctor J Premium Dental Care නිර්මාතෘ වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත BWIO සම්මාන දිනයි

Published 28 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Business World International Organization සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත වසරේ වඩාත් නව්‍ය දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උපාධිධාරියෙකු වන ඔහු මෙරට කීර්තිමත් දන්ත වෛද්‍යවරයෙකි.

කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රජයේ රෝහල් රැසක සේවය කර අත්දැකීම් සම්භාරයක් ලබා ඇති ඔහු ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකද සේවය කිරීමෙන් අනතුරුව Doctor J Premium DentalCareආයතනය ආරම්භ කළා.

එය නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර එම ආයතනය නවීන තාක්ෂණය යොදා ගනිමින් Restorative Dentistry,Cosmetic Proceduresසහ Implantologyවැනි අංශ රැසකට අයත් දන්ත වෛද්‍ය ප්‍රතිකාර සපයනව.

American Academy of Implant Dentistryආයතනය අනුමත කළ රෝස්මන් විශ්ව විද්‍යාලයේ ප්‍රතිස්ථාපන දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ නේවාසික පාඨමාලාවද හදාරා ඇති වෛද්‍ය ජීවන්ත, ඔහුගේ හැකියාව උපයෝගී කර ගෙන දන්ත ප්‍රතිස්ථාපන ප්‍රතිකාර පිළිබඳව විශේෂඥතාවක් ලබා තිබෙනවා.

ඔහු International College of Continuing Dental Education (FICCDE) සහ Pierre Fauchard Academy (USA) වැනි ආයතනවල කීර්තිමත් සාමාජිකයෙක් ද වනවා.

ඩිජිටල් දන්ත වෛද්‍ය විද්‍යාව, All-on-Fourසහ Zygomatic Systems වැනි ක්‍රම භාවිතයෙන් කරන Full-Arch ප්‍රතිස්ථාපන ශිල්පීය ක්‍රම සහ ඩිජිටල් 3D ස්කෑන් භාවිතයෙන් සිනහව නිර්මාණය කිරීම වැනි අංශ පිළිබඳව ඔහු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුහුණු වැඩසටහන් සම්පූර්ණ කර තිබෙනවා.

ආසියා-පැසිෆික් දන්ත වෛද්‍ය සමුළුව වැනි ජාත්‍යන්තර සමුළු සඳහා සහභාගී වී ඇති ඔහු එක්සත් ජනපදයේ Manchester University සහ රුසියාවේ NorthWestern State Medical Universityවෙතින් පුහුණුව ලබා සිටිනවා.

මුඛ අභ්‍යන්තරය ස්කෑන් කිරීමේ සිට සංකීර්ණ දන්ත ප්රoතිෂ්ඨාපන දක්වා වන සියලු අංශ පිළිබඳව ඔහු පාඨමාලා හදාරා තිබෙන අතර දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇති වෛද්‍ය ජීවන්ත මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කරනවා.

World News