1996 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකු වන අසංක ගුරුසිංහ ඕස්ට්‍රේලියාවේ Dandenong Cricket Club හි Development Coach ලෙස පත්ව තිබෙනවා.
ඔහු තරුණ ක්‍රීඩකයින්ට මඟ පෙන්වන අතර Premier Cricket හි U18 කණ්ඩායමට පුහුණුව ලබාදෙනු ඇති.
96 ලෝක කුසලානයෙන් පසු උතුරු Melbourn Cricket club වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියාවට පැමිණි ගුරුසිංහ මේ වනවිට සිය පවුල සමග එහි ස්ථිර පදිංචිව සිටිනවා.
එමෙන්ම ඔහු එරට පාසල් සහ ප්‍රාන්ත Cricket club රැසක ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.
වමත් පිතිකරුවෙකු වන ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරුවෙකු ලෙසද කටයුතු කළා.
අසංක ගුරුසිංහ ක්‍රිකට් පුුහුණුකරුවෙකුට අමතරව අලෙවි හා අලෙවිකරණ කළමණාකරණ උපදේශකවරයෙකු ලෙසද සේවය කරනවා.