Latest News

ඉන්දියානු ලේඛිකාවකට ජාත්‍යන්තර බුකර් සම්මානයක්

Published 29 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියානු ලේඛිකා බානු මුෂ්තාක් විසින් රචනා කරන ලද ”Heart Lamp” නැමැති කෙටිකතා සංග්‍රහය ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගෙන තිබෙනවා.

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කන්නඩ භාෂාවෙන් ලියන ලද පළමු පොත වන්නේ ද ඇගේ මෙම ග්‍රන්ථයයි.

කන්නඩ භාෂාවෙන් ලියැවුන ”Heart Lamp” හි කථා දීපා භාස්ති විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබෙනවා.

1990 සිට 2023 දක්වා දශක තුනක් පුරා මුෂ්තාක් විසින් රචිත කෙටිකතා 12ක් ඇතුළත් ”Heart Lamp”, දකුණු ඉන්දියාවේ ජීවත් වන මුස්ලිම් කාන්තාවන්ගේ දුෂ්කරතා තියුණු ලෙස ග්‍රහණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනවා.

World News