Latest News

චීනයේ රාජ්‍ය නිලධාරීන්ගේ වියදම් කප්පාදු කරයි

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රජයේ වියදම් කප්පාදු කිරීමේ පියවරක් ලෙස සංචාර, ආහාර සහ කාර්යාල යටිතල පහසුකම් කප්පාදු කරන ලෙස චීන රජය සිය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීන කොමියුනිස්ට් පක්ෂ රජය මේ ඉල්ලීම කර ඇත්තේ ආර්ථක තත්ත්වය නඟාසිටුවීමේ සහ රාජ්‍ය මූල්‍ය දුෂ්කරතා අවම කරගැනීමේ පියවරක් ලෙස බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

චීන රජය විසින් රාජ්‍ය නිලධාරීන්ට නිකුත් කර ඇති නිවේදනයට අනුව එම වියදම් කප්පාදුවට මත්පැන් හා දුම්වැටි ද ඇතුළත් බවයි ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේ.

මෑත කාලයේ චීනයේ පළාත් පාලන ආයතන විශාල ණය බරකට මුහුණ දී ඇති අතර, සකසුරුවමින් යුතුව කටයුතු කරන ලෙස රජය සිය නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි ද වාර්තා වනවා.

රාජ්‍ය සම්පත් වැය කිරිමේදී ප්‍රවේශම්සහගතව කටයුතු කරන ලෙසත්, නාස්තිය ලජ්ජාසහගත ක්‍රියාවක් බවද අවධාරණය කර තිබෙනවා.

පසුගිය වසරේදී චීන රජය පළාත් පාලන ආයතනවල ණය අවදානම විසඳීම සඳහා කටයුතු ආරම්භ කළ අතර, පළාත් පාලන ආයතනවලට ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා පියවර ගත් බව ද වාර්තා වනවා.

World News