අමෙරිකානු කලාපයේ රිච්ටර් මාපකයේ 8.0ක භූකම්පනයක් සිදුවීමට 15%ක පමණ අවදානමක් ඇතැයි ද, එහි ප්‍රතිඵලයක් ලෙස කැනඩාවට අයත් නෝර්ත්වෙස්ට් පැසිෆික් කලාපයට සහ අමෙරිකාවේ ඇලස්කා සහ හවායි ප්‍රාන්තවලට අඩි දහසක් උසැති ‘මෙගා සුනාමියක’ට ගොදුරු වනු ඇතැයි ද විද්‍යාඥයන් අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වර්ජිනියා තාක්ෂණ පර්යේෂකයන් විසින් කරනු ලැබූ නව අධ්‍යයනයකින් මේ අනතුරු ඇඟවීම සිදු කර ඇති අතර, ඉදිරි වසර 50 ඇතුළත ඕනෑම මොහොතක සිදුවිය හැකි බවද ප්‍රකාශ කර තිබෙනවා.
එවැනි මෙගා සුනාමියකින් වෙරළබඩ නගර අඩි 6.5ක් සම්පූර්ණයෙන්ම මුහුදෙන් යටවනු ඇති බවත්, එහි බලපෑම රට තුළ දැඩි විනාශයක් සිදු කිරිමේ අවදානමක් පවතින බවත් විද්‍යාඥයන් වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
මෙගා සුනාමියකට හේතුවන භූකම්පනය උතුරු කැලිෆෝනියාවේ සිට කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ජනපදය දක්වා පුළුල් පරාසයකට බලපානු ඇතැයිද විද්‍යාඥයන් අනුමාන කර තිබේ. මිට පෙර ඇලස්කාව සහ හවායි ප්‍රාන්තවල භූගෝලීය විපර්යාස සිදුවීම සම්බන්ධව අනතුරු ඇඟවීම් කිහිපයක්ම නිකුත් කර තිබෙනවා.
ඇලැස්කාවට ග්ලැසියර දියවීමෙන් සිදුවිය හැකි නාය යෑමක් පිළිබඳ අනතුරු අඟවා තිබූ අතර, ඇලස්කාවට ගිනිකඳු සක්‍රිය වීමේ අවදානමක් මතුවී ඇති බවට අනතුරු අඟවා තිබූ බවත් වාර්තා වනවා.