Latest News

අද ඉඳන් ලංකාවේ අධිවේගයේ ගාස්තු ගෙවීම්වලට සල්ලි ඕනම නෑ – මෙහෙමත් ගෙවන්න පුළුවන්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු ණයපත් හෝ හරපත් (Debit or Credit Cards) මගින් ගෙවීම් කිරීමේ පහසුකම ලබා දී තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පැවසුවේ මෙම පහසුකම අද (21) සිට ක්‍රියාත්මක වන බවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ සලසා ඇති බවට ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

අන්තර් හුවමාරු 35ක් සහ පිටවීම් ගේට්ටු 119ක් තුළ අදාළ සේවා පහසුකම් අද සිට ක්‍රියාත්මක වනු ඇති.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා නව තාක්ෂණය යොදා ගනිමින් ජන ජීවිත පහසු හා වේගවත් කිරීම මුලික කරගනිමින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙළට අනුව මෙය ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය සිය නිවේදනයේ සඳහන් කරනවා.

World News