ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙකු වන දිග්වේෂ් රාති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ තෙවැනි වරටත් චර්‍යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කර තිබෙනවා.
ඊයේ (19) ලක්නව් හි දී සන් රයිසස් හයිද්‍රාබාද්වරුන්ට එරෙහිව පැවති තරගයේ දී රාති චර්‍යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීමේ වරද හේතුවෙන් ඔහුට එක් IPL තරගයක් තහනම් කිරීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.
එමෙන්ම රාතිට තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් ගෙවන ලෙසට ද නියම කර තිබෙනවා.
මීට අමතර ව රාති සමඟ උණුසුම් වචන හුවමාරුවක පැටලුණු ලක්නව් පිලෙහි අභිෂේක් ෂර්මාට ද තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් නියම කර තිබෙනවා.
සන්රයිසස් හයිද්‍රාබාද් (SRH) කණ්ඩායමට එරෙහිව LSG කණ්ඩායම සහභාගී වූ තරගයේ දී රාති, අභිෂේක් ෂර්මා දවා ගැනීමෙන් පසුව මෙම සිදුවීම සිදු වුණා.
රාති සෘණ ලකුණු 05ක් මෙම IPL වාරයට එක් කරගැනීම හේතුවෙන් එළඹෙන බ්‍රහස්පතින්දා (අනිද්දා -23) පැවැත්වෙන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහි තරගය ඔහුට අහිමි වනු ඇති.