“සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක්” තේමා කර ගනිමින් 78 වන ලෝක සෞඛ්‍ය සමුළුව ජිනීවාහි දී ආරම්භ වුණා.
සෑම ලෝක සෞඛ්‍ය සමුළුවක් ම සුවිශේෂි බව ආරම්භක සැසිය අමතමින් පෙන්වා දුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙවර ඓතිහාසික වැදගත්කමක් ඊට හිමිව ඇත්තේ සාමාජික රටවල් වසංගත පිළිබඳ ගිවිසුමකට එළඹීමේ ඇති හැකියාව හේතුවෙන් බවයි සඳහන් කළේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මීළඟ වටයේ දායකත්ව අරමුදල් ඉහළ නැංවීම අනුමත කරන ලෙසට ද හෙතෙම සාමාජික රටවලින් ඉල්ලීමක් කළා.
එය සංවිධානයේ දිගු කාලීන මූළ්‍ය ස්ථාවරත්වය හා ස්වාධීනත්වය සහතික කිරීමට උපකාරී වන බවද ඔහු පැවසුවා.
ගෝලීය සෞඛ්‍ය සහයෝගීත්වයේ චීන ක්‍රියාකාරී මෙහෙවර ගෙනහැර දක්වමින් චීන නියෝජිත පිරිසේ ප්‍රධානී හා චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රධානී ලෙයි හයිචාඕ මහතා සමුළුව අමතමින් අදහස් දැක්වූවා.
ගෙවුණු දශක හයක කාලය තුළදී චීනය වෛද්‍ය සාමාජිකයන් 30 දහසකට අධික පිරිසක් රටවල් හා කලාප 777කට යොමු කර තිබේ.ප්‍රතිකාර ලබා දුන් රෝගීන් සංඛ්‍යාව මිලියන 300 ඉක්මවන බවයි ඔහු සඳහන් කළේ.
කොවිඩ් 19 වසංගත කාලයේ දී පුද්ගල ආරක්ෂණ උපකරණ බිලියන 500ක් මෙන්ම එන්නත් මාත්‍රා බිලියන 2.3ක් ලොව පුරා බෙදා හැරීමට චීනය ක්‍රිය කළ බව ද චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රධානියා පැවසුවා.
චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට අඛණ්ඩව සහාය ලබා දෙමින් බහුපාර්ශ්විකත්වය හරහා ශක්තිමත් පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත් දිගු කලක් පුරා ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වාර්ෂික සැසිවාරයේ න්‍යාය පත්‍රයට තායිවාන සහභාගීත්ව ඊනියා යෝජනාව ඇතුළත් කර නොමැති බවයි.
කුඩා රටවල් ප්‍රමාණයක් තායිවාන ප්‍රශ්ණය පිළිබඳ සැලකිල්ල දක්වා තිබීම සහ ජාත්‍යන්තර ප්‍රජාවේ අභිලාෂයන්ට විරුද්ධ වීම සම්බන්ධයෙන් ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ චීනය සිය අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට මෙම රටවලට ඉඩ නොදෙන බවයි.