Cristiano Ronaldo අඛණ්ඩව තුන්වන වරටත් Forbes වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පැමිණ තිබෙනවා.
ලැයිස්තුවේ දෙවන ස්ථානය NBA තරුවක් වන Stephen Curry හිමිකරගත් අතර තුන්වන ස්ථානය බ්‍රිතාන්‍ය බොක්සිං ක්‍රීඩක Tyson Fury හිමිකර ගනු ලැබුවා.
Ronaldo ගේ දිගුකාලීන ප්‍රතිවාදියා වන Lionel Messi තුන්වන ස්ථානයේ සිට පස්වන ස්ථානය දක්වා පසුබෑමකට ලක්වී තිබෙනවා.
Ronaldo තම වෘත්තීය ජීවිතය තුළ පස් වතාවක් ලැයිස්තුවේ ඉහළින්ම සිටි අතර ඔහුගේ ඇස්තමේන්තුගත මුළු ඉපැයීම් $ මිලියන 15 සිට $ මිලියන 275 දක්වා වැඩි කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 40 හැවිරිදි Ronaldo 2022 වසරේ Saudi Pro League සදහා ඇතුලත් වි එහි අනුග්‍රාහක ගනුදෙනු හරහා $ මිලියන 939 උපයා තිබෙනවා.