අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජෝ බයිඩ්න් හට දරුණු ගණයේ පිළිකා රෝගී තත්ත්වයක් වැළඳී ඇති පුවත ඇසීමෙන් තමන් සහ සිය බිරිඳ මිෂෙල් ඔබාමා දැඩි ලෙස කම්පා වෙමින්, බයිඩ්න්ගේ පවුල පිළිබඳ ව කතා කරමින් සිටින බව හිටපු ජනපති බරාක් ඔබාමා පවසනවා.
සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් ඔබාමා පවසන්නේ, පිළිකා රෝගී තත්ත්වයන් සඳහා අවශ්‍ය කරන ප්‍රබල ප්‍රතිකාර සොයා ගැනීමට ජෝ තරම් කිසිවෙකු රට තුළ වැඩියමක් සිදු කර නොමැති බවයි.
එබැවින් සිය අධිෂ්ඨානය සහ කරුණාවෙන් ජෝ බයිඩ්න් වන තම මිතුරා ඔහුගේ රෝගී තත්ත්වයට එරෙහිව සටන් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔබාමා පවසනවා.
එබැවින් ජෝ බයිඩ්න් හට ඉක්මන් සුවය ලැබීමට තමන් ඇතුළු පවුලේ උදවිය යාච්ඤා සිදු කරන බවත් X සටහනේ දැක්වෙනවා.
ජෝ බයිඩ්න්ට පුරස්ථිති ග්‍රන්ථි පිළිකාවක් වැළඳී ඇති අතර එය මේ වනවිට අස්ථි දක්වා ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
