Latest News

බෝම්බ පිපිරීමක් සිදු කිරීමට කුමන්ත්‍රණය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

Published 28 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ – හයිද්‍රාබාද්හි බෝම්බ පිපිරීමක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට සැක පිට පුද්ගලයන් දෙදෙනකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් සතුව තිබී පුපුරණ ද්‍රව්‍ය ද සොයා ගෙන ඇති බව සඳහන්.

ආන්ද්‍රා ප්‍රදේශ් සහ තෙලන්ගානා පොලිසියේ ප්‍රති-බුද්ධි අංශ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

සැකකරුවන් දෙදෙනා IS සංවිධානයට සම්බන්ධ බවට ද ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා දැනට අත්අඩංගුවේ පසුවන අතර ඉක්මනින් අධිකරණයකට ඉදිරිපත් කරන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

World News