Covid-19 වසංගතය ආසියාවේ ප්‍රදේශ කිහිපයක නැවත පැතිරෙන බවට වාර්තා පළ වනවා.
හොංකොං [Hong Kong] සහ සිංගප්පූරුව [Singapore] වැනි නගරවල ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර සෞඛ්‍ය අංශ මේ පිළිබඳව අවධානම් සහිත අනතුරු ඇඟවීම් ද නිකුත් කරමින් සිටිනවා.
Bloomberg වාර්තාවල දැක්වෙන්නේ ආසාදන වැඩි ප්‍රමාණයක් වාර්තා වීමත් සමඟම, සෞඛ්‍ය අංශ ආරක්ෂක ක්‍රමවේද නැවත සක්‍රීය කිරීමට සූදානම් වන බවයි.
වසංගතය නැවත පැතිරීමෙන් ආසියාතික රටවල්වලට දැඩි අභියෝගයකට මුහුණදීමට සිදුවිය හැකි අතර ජනතාවට නැවතත් පෞද්ගලික සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කිරීමට සිදුවනු ඇති බවට ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.