Latest News

හැකර්කරුවකුගේ මිලියන 4.5 කට වඩා වටිනා සුඛෝපභෝගී වත්කම් රාජසන්තක කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ක්වීන්ස්ලන්ඩ්හි වාසය කරන හැකර්කරුවකුගේ මිලියන 4.5 කට වඩා වටිනා සුඛෝපභෝගී වත්කම් රාජසන්තක කර තිබෙනවා.

Stolen Cryptocurrency සහ Cyber Hacking සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා සිදු කරන ලද විමර්ශනයකින් පසුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා

Black Mercedes-Benz Sedan රථයක් සහ Bitcoin 25ක් ද මෙම පුද්ගලයා සමග පොලිස් භාරයට ගෙන තිබුණා.

AFP ප්‍රමුඛ අපරාධ වත්කම් රාජසන්තක කිරීමේ කාර්ය සාධක බලකාය (Criminal Assets Confiscation Taskforce ) අපරාධ නීති යටතේ දේපළ රාජසන්තක කිරීම තහවුරු කරනු ලැබුවා.

වත්කම් හඳුනාගත හැකි නීත්‍යානුකූල ආදායම් තහවුරු කිරීමට අසමත් වීම හමුවේයි වත්කම් රාජසන්තක කිරීම සිදු කර තිබුණේ.

ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාවක් වන එක්සත් ජනපදය පදනම් කරගත් ක්‍රීඩා සමාගමක් වන Riot Games හැක් කිරීම සම්බන්ධයෙන් ඔහු මීට පෙර වරදකරු වුණා.

සැක සහිත බිට්කොයින් ගනුදෙනු පිළිබඳව Luxembourg බලධාරීන් විසින් ලබාදුන් තොරතුරු අනුව 2018 වසරේදීයි මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වුණේ.

World News