ඉතා දුරස්ථ වුවත්, තරුණ තරු පංතියක් වටා ඝන වූ ජලය පවතින බව NASA හි තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් තහවුරු කර තිබෙනවා.
මෙය නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) භාවිත කරමින් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එය HD 181327 ලෙස නම් කර ඇති අතර තාරකා විද්‍යාඥයින් පවසන පරිදි අදාළ HD 181327 යනු ඉතා ක්‍රියාකාරී පද්ධතියක් වනවා.
විද්‍යාඥයන් විසින් පෘථිවිය අයත් වන සෞරග්‍රහ මණ්ඩලය වටා ඕනෑ තරම් ඝන වූ ජලය සොයාගෙන ඇති නමුත් අනෙකුත් තරු පංති වටා ඝන ජලය පිළිබඳ නිශ්චිත සාක්ෂි ඔවුන් සතුව ඇති පළමු අවස්ථාව මෙය බවයි සඳහන් වන්නේ.
ඒ අනුව වසර මිලියන 23 ක් පමණක් පැරණි, ආලෝක වර්ෂ 155 ක් දුරින් පිහිටි සූර්යයා වැනි තාරකාවක් වටා කක්ෂගත වන දූවිලි සහිත සුන්බුන් තැටියක ස්ඵටිකරූපී ඝන ජල සොයාගෙන ඇති බව The journal Nature සඟරාවේ සඳහන් කර තිබෙනවා.
තාරකාව සූර්යයාට වඩා තරමක් විශාල හා උණුසුම් වන බැවින් එය වටා තරමක් විශාල පද්ධතියක් ඇති වී ඇති බව එහි සඳහන්.
එහි සුන්බුන් තැටියේ නිතිපතා, අඛණ්ඩ ගැටුම් පවත අතර එම අයිස් සහිත වස්තූන් ගැටෙන විට, ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයට හඳුනාගැනීමට පරිපූර්ණ ප්‍රමාණයේ දූවිලි සහිත ජල අයිස් කුඩා අංශු නිකුත් කරන බව තාරකා විද්‍යාඥයින් වැඩිදුරටත් පවසා තිබෙනවා.

