ඊසාන දිග යුක්‍රේනයේ බස් රථයකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තවත් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් වාර්තා පැවසුවේ රුසියානු දේශසීමාවට ආසන්නය කලාපීය අගනුවර දක්වා ගමන් කරමින් සිටියදී බස් රථය මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
රුසියාව සහ යුක්‍රේනය අතර වසර 03 කට පසු පළමු සාම සාකච්ඡා පවත්වා පැය කිහිපයකින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.