Latest News

මූඩීස් ආයතනය අමරිකාව පහත හෙළයි – හේතුව මෙන්න

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රාජ්‍ය ණය ඉහළ යාම හේතුවෙන්, මූඩීස් ආයතනය අමරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම AAA සිට AA1 දක්වා එක් මට්ටමකින් පහළ දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‘AAA’ ශ්‍රේණිගත කිරීමෙන්, ඉහළම ණය විශ්වසනීයත්වය සහ යම් කිසි රටක් එහි ණය ආපසු ගෙවීමට ශක්තිමත් ධාරිතාවක් සහිත ඉතා හොඳ මූල්‍ය සෞඛ්‍යයකින් යුක්ත වීම අදහස් කෙරෙනවා.

‘AAA’ ශ්‍රේණියේ සිටි ඇමරිකා එක්සත් ජනපදය ‘AA1’ දක්වා එක් මට්ටමකින් පහත හෙළමින් මූඩීස් ආයතනය සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද පරිපාලනය එම රටේ වර්ධනය වන හිඟ මුදල් සහ පොලී පිරිවැය ආපසු හැරවීමට අපොහොසත් වී ඇති බවයි.

අමරිකා එක්සත් ජනපදය හිමි කර ගෙන ඇති ත්‍රිත්ව-A ශ්‍රේණිගත කිරීම අවදානමට ලක්ව ඇති බවට මූඩීස් ආයතනය 2023 වසරේදී අනතුරු අඟවා තිබුණා.

එක්සත් ජනපද ෆිච් ශ්‍රේණිගත කිරීම් මඟින් 2023 දී අමරිකා එක්සත් ජනපදය පහත හෙළීමට පියවර ගත් අතර 2011 වසරේදී S&P ගෝලීය ශ්‍රේණිගත කිරීම් මඟින් ද එම පියවර ගනු ලැබුවා.

කෙසේවෙතත්, 1917 සිට මූඩීස් ඇමරිකා එක්සත් ජනපදය පරිපූර්ණ ණය ශ්‍රේණිගත කිරීමක පවත්වා ගෙන ගොස් තිබුණා.

World News